Saturday, May 9, 2020

සංස්කෘත බෞද්ධ සාහිත්‍ය


තථාගතප්පවේදිත ධර්ම විනය මූලාධාර කොටගත් බෞද්ධ සාහිත්‍ය වනාහි පාලි සංස්කෘත යන උභය භාෂාවෙන්ම සංරචිත විශාල ග‍්‍රන්ථයන්ගෙන් පරිමිත වූ විශාල සාහිත්‍යාංග පාලි භාෂාව විෂය කොට ගන්නා ලද ථෙරවාදීන් පාලි සාහිත්‍ය ජනනය කොට තිබේ. මේ හෙයින් එය ඔවුනට නිරායාශයෙන්ම උරුම වූවකි. බෞද්ධ සාහිත්‍ය වනාහි පාලි සාහිත්‍යයට පමණක් සීමා සහිත වූ කුඩා සාහිත්‍යක් නොවේ. ථේරවාදයෙන් විඞ්ජින්න වූ පාලි සාහිත්‍යයට වඩා විශාල වූ ග‍්‍රන්‍ථ රත්නයන්ගෙන් සංයුක්ත වූවකි. බෞද්ධ සාහිත්‍යයේ එයින් ග‍්‍රන්ථ කිහිපයක් ප‍්‍රාකෘත භාෂාවෙන් රචනා වී ඇති අතර විශාල ප‍්‍රමාණයක් සංස්කෘත බසින් විරවිතය. ශුද්ධ සංස්කෘතයෙන් හා බෞද්ධ සංස්කෘතයෙන් රචිත සියල්ල බෞද්ධ සංස්කෘත යන පොදු නාමයෙන් ව්‍යවහාර වේ. 

පාලි සාහිත්‍ය වනාහි, ආදිතම බෞද්ධ සාහිත්‍යයයි. එහි ඉතිහාසය බුදු සමයෙහි සමාරම්භය වෙත ඈතට දිව යයි. එනමුදු සංස්කෘත සාහිත්‍ය පාලි සාහිත්‍යය වඩා පසු කාලීනය. එහි සමාරම්භය දෙවන ධර්ම සංගායනාවත් සමඟ සිදුවන නිකාය භේදය තෙක් ඈතට දිවයයි. එය එසේ වතුදු තථාගත ධර්මය සංස්කෘත භාෂාගත කිරීමේ ප‍්‍රයත්නය බදුන් වහන්සේ ධර්මාන භික්‍ෂූන් දෙනමගේ පුවතින් සැලවේ. 

බ්‍රාහ්මණ කුලයෙන් සසුන්ගතවූ යමෙළු නෙකුල දෙනම බුදුන් වහන්සේට මෙසේ සැළකළහ. ”ස්වාමීනී දැන් නොයෙක් නම් ඇති නොයෙක් ගෝත‍්‍ර ඇති නොයෙක් ජාති ඇති නොයෙක් කුලවලින් පැවදි වූ ”ස්වකීය  නිරුත්තියෙන් (සකාය නිරුත්තියා* බුද්ධ වචනය දූෂණය කරති. ඒ නිසා ස්වාමීනී, අපි බුද්ධ වචනය ඡුන්දසට නගමු.

මොවුන් දෙදෙනාගේ එම අයැදුම ප‍්‍රතික්‍ෂේප කළ බුදුන් වහන්සේ සකාය නිරුත්තියෙන් බුද්ධ වචනය ප‍්‍රගුණ කරන්නට අවසර දී තිබේ. ”අනුජානාමි භික්‍ඛවේ සකාය විරුත්තියා බුද්ධ වදනා        ” මෙම සකාය නිරුත්තිය පිළිබඳවද නොයෙකුත් මතවාද ඉදිරිපත් වී තිබේ. එහිලා අටුවාචාර්්‍ය බුද්ධඝෝෂ තෙරුන්ගේ මතය වනුයේ සකාය නිරුත්තිය යනු මාගධ ව්‍යවහාරය හෙවත් මාගධි භාෂාව බවයි. ”එත්‍ථ සකාය නිරුත්ති නාම සම්මා සම්බුද්ධයෙන වුනෙතාපංකාරො මාගධකො නොහාරො” එනමුදු  ඕල්ඩර්න් බර්ග් රීස් ඬේවිඞ් ආදි විද්වත්තු සකාය නිරුත්ති යනු එකිනෙකා ව්‍යවහාර කළ තම තමන්ගේ භාෂාවන් (each in his awn dialect) බව අවධාරණය කළහ. තම තමන්ගේ බසින් තථාගත ධර්මය හැදෑරීමට බුදුන් වහන්සේ දී ඇති අවසරයෙන් සම්බුදු සසුනෙහි පැවිදි වූ බ‍්‍රාහ්මණ වංශික භික්‍ෂූහූ වෙළඳාම සංස්කෘත බසට නගන්නට ඇත. 

පාලි ත‍්‍රිපිටකය මෙන් සර්ව සම්පූර්ණ වූ සංස්කෘත භාෂාවෙන් රචිත ත‍්‍රිපිටකයක් දැකගත නොහැකි වුනද හීනයානික නිකායක් වූ මූලසර්වාස්තිවාදි නිකාය සන්තකව ත‍්‍රිපිටකයක් තිබූ බවට තොරතුරු සර්වාස්තිවාදි නිකාය පැතිර පැවති කාශ්මීර ගන්‍ධාර තිබෙටය මධ්‍යම ආසියාව චීනය යන ප‍්‍රදේශවලින් හමුවූ ග‍්‍රන්‍ථ කොටස්වලින් පැහැදිලි වේ. නැගෙනහිර තුර්කිස්ථානයෙහි ඉසිකුට්සරි නම් ප‍්‍රදේශයෙන් පළමුවෙන් ශේෂවූ ත‍්‍රිපිටක කොටස් සොයාගෙන තිබේ. මෙකී නෂ්ටාවශිෂ්ට තොරතුරු අනාවරණය කිරීමෙහිලා සර් අවුරල් ස්ටෙයින්, ඒ ඉලයින් වෙඩල්, ඒ ෂන් ලේ කොක්, පීපෙලියෝ ආදී ප‍්‍රාවීන විද්‍යාඥයින් මෙහෙයක් ඉටුකර තිබේ. මොවුන්ගේ ප‍්‍රයත්නයන්හි ප‍්‍රතිඵලයක් ලෙස උදාන වර්ග කොටස් හා ධර්ම පදය සොයා ගැනීමට හැකි වී තිබේ. තවද ඉන්දියාවේ ගොජාලිපූර් ප‍්‍රදේශයෙන්ද ක‍්‍රි.ව. 250 - 400 අයත් යැයි සැලකෙන සුත‍්‍ර ලියා ඇති ගඩොල් හමු වී තිබේ. 

සර්වාස්තිවාදීන්ගේ ත‍්‍රිපිටකය චීන හා ටිබෙට් යන භාෂා වලට පරිවර්තනය කර තිබේ. ක‍්‍රිෂ්තුවර්ෂ 224 දී පමණ වෛකීන් නැමැත්තෙකු ධම්මපදයද ගෞතම් සංඝදේව නැමැත්තෙකු හත්වැනි සියවසේදී මජ්ඣිම නිකායද, පස්වැනි සියවසේදී පාහියන් මහා පරිණිර්වාණ සූත‍්‍රයද චීන බසට පරිවර්තනය කරන ලදි. මීට අමතරව ක‍්‍රිස්තු වර්ෂ ප‍්‍රමාණයෙන් 700 - 712 අතර කාල වකවානුවක ඉන්දියාවට පැමිණි චීන ජාතික වන්දනා කරුවෙකු වූ ඉට්සීංද  මුලසර්වාස්තිවාදීන්ගේ ත‍්‍රිපිටකයට අදාළ ග‍්‍රන්ථ පරිවර්තනය කළ බව සඳහන් වේ. මෙලෙසින් සඳහන් වන්නාවූ තොරතුරුවලට අමතරව දිව්‍යාවදානය, ලලිත විස්තරය හා මහාවස්තු ආදී ග‍්‍රන්ථයන්හි එන්නාවූ තොරතුරු මගින්ද සර්වාසතිවාදීන්ගේ ත‍්‍රිපිටකය පිළිබඳ තොරතුරු සපයාගත හැකිය. මෙකී තොරතුරු වලට අනුව සංවාස්තිවාදීන්ගේ ත‍්‍රිපිටකයද සූත‍්‍ර විනය අභිධර්මය යන පිටකත‍්‍රයෙන් යුක්ත බව පැහැදිලි වතුදු එහි අන්තර්ගතය දෙස බැලීමේදී එය පාලි ත‍්‍රිපිටකය හා බොහෝ සෙයින් වෙනස් වන බව කුමාරජීව විසින් පරිවර්ථ බ‍්‍රහ්මජාල සූත‍්‍රය දෙස බලන කල්හි පැහැදිලි වේ. එය මහායාන මත අනව යමින් බෞද්ධ ප‍්‍රතිපත්ති විස්තර කරයි. අන්මෙන් කිං නම් වූ මෙය මහායානිකයන්ගේ නීති ග‍්‍රන්‍ථය සේ පිළිගැනේ. 
සර්වාස්තිවාදීන්ගේ ත‍්‍රිපිටකය මහායාන අදහස් වලින් තොරවන නමුත් පාලි ත‍්‍රිපිටකයෙහි නොදත හැකි තොරතුරු විශාල ප‍්‍රමාණයක් එහි අන්තර්ගතව ඇත. මේ පිළිබඳව වින්ටර්තිථිස සිල්වන ලේවි මැක්සටුලර් ආදී විචාරක අදහස් වනුයේ පාලි හා සකු දෙපිටකයම දැනට අවිද්‍යමාන යම් මාර්ගය ත‍්‍රිපිටකයක් මුලාධාර කොටගන රචනා කරන්නට ඇති බවයි. මෙලෙසින් සම්පාදිත පාලි ත‍්‍රිපිටකය එක් ප‍්‍රදේශකද සකුට නැගු ත‍්‍රපිටකය තවත් ප‍්‍රදේශයකද සංවර්ධනය වන්නට ඇති බව පන්ටර් නිව්ස්ගේ මතයයි.

සංස්කෘත බෞද්ධ සාහිත්‍ය රචනා කරන ලද භාෂාව බෞද්ධ සංස්කෘතිය වේ. එය මධ්‍යතන ඉන්දු ආර්්‍ය උපභාෂාවන්ගේ (පසාාකැ සපත්‍වග ්රහ්ප ාස්කැජඑි* ආභාෂයන්ගෙන් සකස් කරන ලද්දක් බව හඳුන්වාදෙන ලද අතර සෙනාට් මිශ‍්‍ර සංස්කෘත ලෙස හඳුන්වයි. මෙය ගාථා භාෂාව ලෙසද ව්‍යවහාරිතය. එය සම්භවය කවර කලෙක සිදුවීද යන්න නිශ්චිත තොරතුරක් නොමැති වූවත් එහි සංවර්ධනය අවස්ථා හතරක් යටතේ දැක්විය හැකිය.
01. මහා සංඝිකයන් විසින් භාවිත මිශ‍්‍ර සංස්කෘතය
02. මූලධර්වාස්තිවාදීන් විසින් භාවිත මිශ‍්‍ර සංස්කෘතය
03. සර්වාස්තිවාදීන් විසින්ම පශ්චාත්කාලීන ග‍්‍රන්ථ රචනා කිරීමට භාවිත මිශ‍්‍ර සංස්කෘතය
04. පසු කාලීනව දියුණුවූ මහායානික දාර්ශනික හා අනෙකුත් ග‍්‍රන්ථ රචනා කිරීමට භාවිත 
ශුද්ධ සංස්කෘතිය

No comments:

Post a Comment

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...