Monday, May 11, 2020

මහා වස්තු අවදානය



අවදාන සාහිත්‍ය වනාහි බෞද්ධ සංස්කෘත ග‍්‍රන්ථ අතර විශේෂත්‍ව දරන්නා වූ සාහිත්‍යයකි. එය ථේරවාදී ධර්ම සම්ප‍්‍රදාය ආශ‍්‍රයෙන් රෝපණය වී මහායාන ධර්මයේද සංතිශ‍්‍රයෙන් පෝෂණය වූ සාහිත්‍යකි. එහිලා මහා වස්තු අවදානය ඉතා වැදගත් ස්ථානයක් ගන්නා ග‍්‍රන්ථරත්නයකි. මෙම ග‍්‍රන්ථය මධ්‍ය දේශයෙහි විසූ මහා සංඝික සම්ප‍්‍රදායට අයත් ලෝකොත්තරවාදීන්ගේ විනය ග‍්‍රන්ථය බව තත් කෘතියෙහිම සඳහන් වේ. ”ආර්ය මහා සංඝිකානං ලෝකෝත්තරවාදීනාං මධ්‍ය දේශිකානා පථෙන විනය පිටකයස මහාවස්තු” මෙහි සඳහන් වන්නාවූ මධ්‍ය දේශය යනු හිමාලයටත් වින්ධ්‍යා කඳවැටි යටත් අතර පිහිටි සොළොස් මහා ජනපද හඳුනා ගනී.


ලෝකොත්තරවාදය යනු මහා සංඝිකයන්ගෙන් බිඳිගියාවූ එක් නිකායකි. මෙහි අනික් නිකාය වනුයේ ප‍්‍රඥ්ප්තිවාදීයයි. ලෝකොන්තරවාදීන්ට අනුව බුදුන් වහන්සේ ලොව්තුරා වනසේක. එමෙන්ම උන්වහන්සේලා ලොකෝත්තර ධර්මයට අනුකූල වන්නාසේම. ලෞකික පැවැත්මටද අනුකූල වෙති. උන්වහන්සේලා සතරවිධ ඉරියව් දක්වති. එහෙත් පින්වත්වූ උන්වහන්සේලාට විඩාව ඇති නොවේ. නෙළුම් පෙති වන් පාවල කිලිටක් නොවූවත් බුදුවරු ස්නානය කරති. ඔවූහු බෙහෙත් වළඳති. එහෙත් උන්වහන්සේලා කෙරෙහි රෝදුක් දැකිය හැකිය. 

ලෝකෝත්තරවාදීන්ගේ මෙම මතය මහාවස්තුව විෂයෙහි සම්පූර්ණයෙන් බලපවත්වා තිබේ. එහිදී බුදුන්ගේ චරිතය අවදානයක් හෙවත් ආශ්චර්‍යාත්මක කථාවක් ලෙසින් විස්තර කර තිබේ.

මහාවස්තු යන ග‍්‍රන්ථාගත නාමය පිළිබඳව විමසා බැලීමේදී මේ සම්බන්ධයෙන්ද විවිධ අදහස් පැන නැගී තිබේ. ඇතමෙකු මහාවස්තු යන්නට ”The Great Subject” ”මහත් වූ විෂය” හෝ  “Great Stcry” ”මහත් වූ කථාව” යන වචන භාවිත කරන ලදි. එමෙන්ම  “Great thing or compilation” ”මහත්වූ දෙය හෝ මහත් වූ සංරචනය” ලෙසද ”The Book of the great events” “b;d” ඉතා උසස් වූ සිදුවීම” යන අර්ථයන්ද ඉදිරිපත් කෙරේ. මෙම අරුත් අතරින් Havelle Poussin හා වින්ටර් නිට්ස් යන පඩිවරු ”විනය පිළිබඳ මහත් වූ විෂය” යන අරුත අනුමත කරති. J.J.Jones මහාවස්තුව වනාහි අර්ධ ඉතිහාසයක් හා ජනප‍්‍රවාද ඇති සියලූ ඉතිහාසයන්ගේ එකතුවක් සේ පෙන්වා දෙයි. “The Mahavastu is a collection of practically  all the history auasi history and legena is[1]



[1] A critical study of the Mahavastu 02 pg

මහා වස්තුවේ ග‍්‍රන්ථාන්තර්ගතය පිළිබඳ විමසීමේදී මෙය ශ්ලෝක 18370 කින් පරිමිත වූ ග‍්‍රන්ථයකි. එහි ප‍්‍රධාන වශයෙන් බුද්ධ චරිතය පිළිබඳ තොරතුරු සඳහන්ය. එහි බුද්ධ චරිතය ඉදිරිපත් කිරීමේ සැකැස්ම පිළිබඳ සැලකීමේදී එය පාලි අපදානවල තොරතුරු ඉදිරිපත් කිරීමේ රටාවට සමාන බවක් දරයි. පාලියේ දුරේනිධාන, අවිදුරේ නිධාන, සන්තිකේ නිධානය යනුවෙන් නම් කර ඇත. මහාවස්තුවෙහි එවැනි වර්ග කිරීමක් නොමැති වුවත් එහිදී බුද්ධ චරිතය අංශ තුනක් යටතේ ඉදිරිපත් කර තිබේ. මෙයින් පළමු කොටසෙහි දීපංකර බුදුන්ගේ සමයෙහි බෝධිසත්ව චරිතය හා අනිකුත් බුදුවරුන්ගේ කාලයෙහි උන්වහන්සේගේ චරිතය විදහාපායි.

දෙවන කොටසෙහි දී තුසිත දෙව්ලොවෙහි උපත ලද බෝසතුන් මහාමායා දේවියගේ කුසයෙහි පිළිසිඳ ගැනිමට තීරණය කිරීම, කුමාරයා මව්කුසෙහි පිළිසිඳ ගැනීමේදී හා උපතේදී සිදුවූ ආශ්චර්යන්, උපන් නගරයෙන් අභිනිෂ්ක‍්‍රමණය කිරීම, මාරයන් සමඟ සටහන් කිරීම හා බෝධි මූලයේදී බුද්ධත්වය අවබෝධ කර ගැනීම පිළිබඳ අවධාරණය කෙරෙයි.

තෙවන කොටසෙහි පාලි විනය පිටකයෙහි මහාවග්ගපාලියෙහි මූලික ලක්‍ෂණවලට සමගාමීවන අයුරෙන් ප‍්‍රථම ධාර්ම දේශනාව පිළිබඳ හා වෙනත් ධර්ම දේශනා පිළිබඳ මෙන්ම සංඝසමාජයෙහි සම්භවය පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි.

ලෝකෝත්තරවාදීන්ගේ විනය ග‍්‍රන්ථයක් ලෙස සැලකුවද එහි ශාසන ඉතිහාසගත තොරතුරු වාර්තා කරන නමුදු ශාසනයෙහි ප‍්‍රඥප්ති කරනු ලබන නියම විනය නීති පිළිබඳ සඳහන් වලින් හීන බව වින්ටර්නිට්ස් පෙන්වා දෙයි. තවද මහා වස්තුවෙහි අන්තර්ගතය පිළිබඳ වින්ටර්නිට්ස් දක්වනුයේ මෙවැනි අදහසකි. ලෝකෝත්තරවාදීන් සඳහා මහාවස්තුවෙන් ප‍්‍රධාන වශයෙන් බුදුන්වහන්සේගේ ජීවන කථාව ඉදිරිපත් වන බව අප කියන විට එයින් කිසියම් විධියකින් එම කෘතියෙහි අඩංගු දෑ පිළිබඳ හෝ එම ප‍්‍රජානත්වයෙහි අදහස පිළිබඳව හෝ සම්පූර්ණයෙන් නොකිය වේ. සාහිත්‍ය කලාවේ කොටසක් වීමෙන් දුරුවූවද මහාවස්තුව වංකගිරියක් වනුයේ යමෙකුට බුදුන්ගේ චරිතය සම්බන්ධ කථා පිළිවෙල මහත් වෙනසකින් සොයාගත යුතු බැවිනි. මෙම වෘත්තාන්තය නැවත නැවතත් අනිකුත් මාතෘකාවලින් බාධාවට ලක්වන අතර විශේෂයෙන් විශාල ජාතක අවදාන සහ දැඩි ආස්තවාදී සූත‍්‍ර ඒ අතරින් ප‍්‍රධානය. මෙහි පිළිලෙහි කිසියම් සිද්ධාන්තයක් අපට හඳුනාගත නොහැක. විවිධ කොටස් අතර ගිලිහුණු සබඳතාව ස්ථාපිත කිරීමට කිසියම් ප‍්‍රයත්නයක් දරා නොමැති බව අපි සොයා ගනිමු.

තව දුරටත් බුදුන් වහන්සේගේ ජීවිතයේ අතුරු කථාවක් හෝ ජාතක කථාවක් වුවද එකම කථාව දෙවරක් ඉදිරිපත් කරයි. පළමුව ගද්‍යයෙන්ද දෙවනුව අඩුව හෝ වැඩිව එමගින් පිට පනිමින් එය පද්‍යයෙන් ඉදිරිපත් වේ. විවිධ ස්ථානවලදී පව් එකම කථාව නැවත නැවත එමගින් සුළු වශයෙන් පිටපනිමින් එකකට පසු එකක් වශයෙන් පුනරාවර්ථනය වේ.

වින්ටර්නිට්ස් දක්වන ලද තොරතුරු වලට අනුකූලව බලන කල්හි මහාවස්තුව සම්බන්ධයෙන් බොහෝ කාරණා මේ තුළින් හෙළි පෙහෙළි කරගත හැකිය. එහි හුදෙක් බුද්ධ චරිතය පමණක්ම අන්තර්ගත ග‍්‍රන්ථයක් සේ සලකන්නේ නම් එය ග‍්‍රන්‍ථය පිළිබඳ සර්ව සාධාරණ නොවන බව වින්ටර්නිට්ස්ගේ මතයයි. බුද්ධ චරිතය පමණක් නොව එහි ජාතක කථා, අවදාන හා ආප්තවාදි සූත‍්‍රයන් ද අන්තර්ගෘහිත බව ඔහු තවදුරටත් පවසයි.

ග‍්‍රන්‍ථයෙහි රචනා ශෛලීය පිළිබඳවද වින්ටර්නිට්ස් අවධානය යොමු කර තිබේ. එහි උපයුක්ත ශෛලියෙහි විශේෂතා කීපයක් පහත පරිදි දක්වාලිය හැකිය.

  1. එකම කථාව දෙවරක් ඉදිරිපත් කිරීම.
  2. පළමුව ගද්‍යයෙන් හා දෙවනුව පද්‍යයෙන් ඉදිරිපත් කිරීම.

මෙකී හේතුන් නිසා බුද්ධ චරිතයෙහි සිදුවීම් වල හෝ ජාතක කථාවක ගලායෑම ඇහිරී ගොස් ඇත. සමස්තයක් වශයෙන් බලන කල්හි ග‍්‍රන්‍ථයෙහි ගද්‍ය හා පද්‍යයෙන් මිශ‍්‍ර භාෂා භාවිතයක් සිදු කර ඇති බව පැහැදිලිය.

මහා වස්තුවෙහි අන්තර්ගතය පොල්වත්තේ රාහුල තෙරුන් කාණ්ඩ හතරකට වග_කර දක්වා ඇත.

  1.  බුද්ධ කෘත්‍යයන් පිළිබඳ චාරිතාපදානමය සංග‍්‍රහාය. (Biographical accounts pertaiming to the Buddha’s (areer)
  2. බුදුන්ගේ පූව_ ආත්ම භාවයන් පිළිබඳ කථා සංග‍්‍රහාය හෙවත් ජාතක කථා (Stories relating to his former euistences)
  3. බුදුරදුන්ගේ ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ කථා සංග‍්‍රහාය හෙවත් අවදාන (Stories a beat his disciples and devoters)
  4. දේශනා හා විග‍්‍රහාත්මක සංග‍්‍රහාය හෙවත් සූත‍්‍ර හා ව්‍යාකරණ (Discourses and eupositions)[1]



  1. [1] A critical study of the Mahavastu. 07 pg 
පළමු කොටස නමස්කාර ගාථාවන්ගෙන් ආරම්භවන අතර නිදාන ගාථා, බෝධි සත්ව චර්යා (Having proctised the course of training leading to enlightenment)දශභූමි කථා (which has been elaborated in the book of fen stages)" බෝධිසත්ව චරිතය (Bodhisatva’s life) බුද්ධත්වය,(Enlighten ment)  ධම_චක‍්‍ර පූර්වතනය, ඡුක‍්‍රවස්තු  (deals with tha Budhdha’s visit of vaisali) යන කොටස් වලින් අන්තර්ගෘහිතය.

දෙවන කාණ්ඩයෙහි ජාතක කථා අන්තර්ගතය මෙහි මුළුමනින්ම ජාතක කථා හතළිහක් පමණ දැක ගත හැකිය. ඇතැම් ජාතක කථා පද්‍යයෙන් ද ඇතැම් ජාතක කථා ගලද්‍යයෙන් ද රචනා වී තිබේ. ග‍්‍රන්‍ථයෙහි ඉදිරිපත් කෙරෙන්නා වූ ජාතක කථා.

සමහරක් පාලි ජාතක කථා හා සමානවේ ඇතැම් කවි මුළුමනින්ම අලූතෙන් යොදන ලද කථාය. ජාතක කථාවන්ගේ තනුල්‍ය නිසා මෙය උරානක කථාවන්ගේ තෝෂ්ඨාගාරයක් සේද සැලකේ.

තෙවෙනි කොටසෙහි මහාකාෂ්‍යප ශාරිපුත‍්‍ර යන තෙරවරුන් පිළිබඳවද පෙර සිටි පූර්ණ නාල්ක සහිත යශෝද උපාලි සහ ශාඛ්‍යයන් පිළිබඳවද කාශ්‍යප තෙරුන්ගේ සහෝදරයන් තිදෙනා සම්බන්ධ තොරතුරු සඳහන්ය.

හතරවන කාණ්ඩයෙහි බුදුන් වහන්සේ දේශිත ධර්ම කොටස් හා ප‍්‍රඥාපති පනය කොටස් අන්තර් ගනය අනාත්මය සංකල්පය පිළිබඳ සඳහන් වන ධර්ම චක‍්‍ර පූවර්ථන සූත‍්‍රයද ඛංගවිසාන අවලෝකිත මහා ගෝවින්ද ආදි සූත‍්‍ර ධර්මයන් මෙහි බහා තිබේ මීට අමතරව මහායානික බෝධිසත්ව සංකල්පයට අදාලවන යම් යම් කොටස් මෙහි ඇතුලත් වේ. 

මහා වස්තුවේ අන්තර්ගතය පිළිබඳ සැලකිළිමත්වීමේදී ඒ සඳහා පුරාණ ග‍්‍රන්ථ වලද යම් යම් අභාෂය ලැබී ඇති බව පෙනේ. බුදුන් කෙරෙහි පවත්වනු ලබන මන්ත‍්‍රයක් සේ සැලකිය හැකි බුද්ධානුස්මෘතියක් මෙහි එයි එය පුරාණවරුන්ගේ විශ්ණු හො ශිව වෙනුවෙන් පවත්වනු ලබන ස්ත්‍රොතයන්ගෙන් වෙනස් නොවේ.

මහාවස්තුව මිශ‍්‍ර සංස්කෘත රචනා කරණ ලද ග‍්‍රන්තයක් සේ සැලකේ. එහෙයින් එහි රචනා කාලය ක‍්‍රි.පූ. දෙවන සියවසට අයත් කරයි. නමුදු එහි මහායාන අදහස් හා ගාන්ධාර කලා ශිල්පවල බලපෑමෙන් නිර්මිත කොටස්ද ඇත. ඒවා ක‍්‍රි.ව. පළමු හෝ දෙවන සියවස්වලට අයත් කරයි. එමෙන්ම චීන භාසාවන් එහි අක්‍ෂර පිළීබඳවත් නූන ජාතිකයන් හා ඔවුන්ගේ හෝරා පාඨකයන් පිළිබඳවත් සඳහන් වන තොරතුරුවලින් මහා වස්තුවේ සමහර කොටස් ක‍්‍රිස්තු වර්ෂයෙන් සතර වන සියවස පමණ කාලයකදී අන්තර්ගත කරන්නට ඇතැයි වියත්හූ නිර්ණය කරති. මේ අනුව මහා වස්තුව ක‍්‍රි.පූ. දෙවන සියවසේ ආරම්භ කොට ක‍්‍රි.ව. 4 වන සියවස තෙක් ක‍්‍රමිකව සැකසුන ග‍්‍රන්ථයක් සේ සැලකිය හැකිය. භාෂා ශෛලිය දෙපාද බලන කල්හි මෙකී නිර්මාණය තවදුරටත් පැහැදිලි කරගත හැකිය. මෙහි භාෂා ශෛලිය දෙස බලන කල්හි වඩා නූතන භාෂා ශෛලයක් මෙන්ම වඩාත් පුරාතන භාෂා ශෛලයක් දැක ගත හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ
[1] Mahavastu Avadana voi I (E.d) S. Bagchi The mithila istitud Darbhanga 1970. 2 pg
[1] ixialD; idys;H fiakdkdhl fÊ'ta'tia'ã' 222 msg
[1] ixialD; 03 msg
[1] A critical study of the mahawastu 01 pg
[1] bÿir 142 msg
[1] A critical study of the Mahavastu 02 pg
[1] A history of Indian literature 231 pg
[1] tu
[1] A history of Indian literature 232 - 233 pg
 [1] A critical study of the Mahavastu. 07 pg
[1] tu 07 - 08 msgq
[1] bÿir 144 msg
[1] A critical study of the Mahavastu. 10 pg
[1] bÿir 144 msg
[1] A history of Indian literature 235 

No comments:

Post a Comment

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...