Monday, May 11, 2020

මහා වස්තු අවදානය



අවදාන සාහිත්‍ය වනාහි බෞද්ධ සංස්කෘත ග‍්‍රන්ථ අතර විශේෂත්‍ව දරන්නා වූ සාහිත්‍යයකි. එය ථේරවාදී ධර්ම සම්ප‍්‍රදාය ආශ‍්‍රයෙන් රෝපණය වී මහායාන ධර්මයේද සංතිශ‍්‍රයෙන් පෝෂණය වූ සාහිත්‍යකි. එහිලා මහා වස්තු අවදානය ඉතා වැදගත් ස්ථානයක් ගන්නා ග‍්‍රන්ථරත්නයකි. මෙම ග‍්‍රන්ථය මධ්‍ය දේශයෙහි විසූ මහා සංඝික සම්ප‍්‍රදායට අයත් ලෝකොත්තරවාදීන්ගේ විනය ග‍්‍රන්ථය බව තත් කෘතියෙහිම සඳහන් වේ. ”ආර්ය මහා සංඝිකානං ලෝකෝත්තරවාදීනාං මධ්‍ය දේශිකානා පථෙන විනය පිටකයස මහාවස්තු” මෙහි සඳහන් වන්නාවූ මධ්‍ය දේශය යනු හිමාලයටත් වින්ධ්‍යා කඳවැටි යටත් අතර පිහිටි සොළොස් මහා ජනපද හඳුනා ගනී.


ලෝකොත්තරවාදය යනු මහා සංඝිකයන්ගෙන් බිඳිගියාවූ එක් නිකායකි. මෙහි අනික් නිකාය වනුයේ ප‍්‍රඥ්ප්තිවාදීයයි. ලෝකොන්තරවාදීන්ට අනුව බුදුන් වහන්සේ ලොව්තුරා වනසේක. එමෙන්ම උන්වහන්සේලා ලොකෝත්තර ධර්මයට අනුකූල වන්නාසේම. ලෞකික පැවැත්මටද අනුකූල වෙති. උන්වහන්සේලා සතරවිධ ඉරියව් දක්වති. එහෙත් පින්වත්වූ උන්වහන්සේලාට විඩාව ඇති නොවේ. නෙළුම් පෙති වන් පාවල කිලිටක් නොවූවත් බුදුවරු ස්නානය කරති. ඔවූහු බෙහෙත් වළඳති. එහෙත් උන්වහන්සේලා කෙරෙහි රෝදුක් දැකිය හැකිය. 

ලෝකෝත්තරවාදීන්ගේ මෙම මතය මහාවස්තුව විෂයෙහි සම්පූර්ණයෙන් බලපවත්වා තිබේ. එහිදී බුදුන්ගේ චරිතය අවදානයක් හෙවත් ආශ්චර්‍යාත්මක කථාවක් ලෙසින් විස්තර කර තිබේ.

මහාවස්තු යන ග‍්‍රන්ථාගත නාමය පිළිබඳව විමසා බැලීමේදී මේ සම්බන්ධයෙන්ද විවිධ අදහස් පැන නැගී තිබේ. ඇතමෙකු මහාවස්තු යන්නට ”The Great Subject” ”මහත් වූ විෂය” හෝ  “Great Stcry” ”මහත් වූ කථාව” යන වචන භාවිත කරන ලදි. එමෙන්ම  “Great thing or compilation” ”මහත්වූ දෙය හෝ මහත් වූ සංරචනය” ලෙසද ”The Book of the great events” “b;d” ඉතා උසස් වූ සිදුවීම” යන අර්ථයන්ද ඉදිරිපත් කෙරේ. මෙම අරුත් අතරින් Havelle Poussin හා වින්ටර් නිට්ස් යන පඩිවරු ”විනය පිළිබඳ මහත් වූ විෂය” යන අරුත අනුමත කරති. J.J.Jones මහාවස්තුව වනාහි අර්ධ ඉතිහාසයක් හා ජනප‍්‍රවාද ඇති සියලූ ඉතිහාසයන්ගේ එකතුවක් සේ පෙන්වා දෙයි. “The Mahavastu is a collection of practically  all the history auasi history and legena is[1]



[1] A critical study of the Mahavastu 02 pg

මහා වස්තුවේ ග‍්‍රන්ථාන්තර්ගතය පිළිබඳ විමසීමේදී මෙය ශ්ලෝක 18370 කින් පරිමිත වූ ග‍්‍රන්ථයකි. එහි ප‍්‍රධාන වශයෙන් බුද්ධ චරිතය පිළිබඳ තොරතුරු සඳහන්ය. එහි බුද්ධ චරිතය ඉදිරිපත් කිරීමේ සැකැස්ම පිළිබඳ සැලකීමේදී එය පාලි අපදානවල තොරතුරු ඉදිරිපත් කිරීමේ රටාවට සමාන බවක් දරයි. පාලියේ දුරේනිධාන, අවිදුරේ නිධාන, සන්තිකේ නිධානය යනුවෙන් නම් කර ඇත. මහාවස්තුවෙහි එවැනි වර්ග කිරීමක් නොමැති වුවත් එහිදී බුද්ධ චරිතය අංශ තුනක් යටතේ ඉදිරිපත් කර තිබේ. මෙයින් පළමු කොටසෙහි දීපංකර බුදුන්ගේ සමයෙහි බෝධිසත්ව චරිතය හා අනිකුත් බුදුවරුන්ගේ කාලයෙහි උන්වහන්සේගේ චරිතය විදහාපායි.

දෙවන කොටසෙහි දී තුසිත දෙව්ලොවෙහි උපත ලද බෝසතුන් මහාමායා දේවියගේ කුසයෙහි පිළිසිඳ ගැනිමට තීරණය කිරීම, කුමාරයා මව්කුසෙහි පිළිසිඳ ගැනීමේදී හා උපතේදී සිදුවූ ආශ්චර්යන්, උපන් නගරයෙන් අභිනිෂ්ක‍්‍රමණය කිරීම, මාරයන් සමඟ සටහන් කිරීම හා බෝධි මූලයේදී බුද්ධත්වය අවබෝධ කර ගැනීම පිළිබඳ අවධාරණය කෙරෙයි.

තෙවන කොටසෙහි පාලි විනය පිටකයෙහි මහාවග්ගපාලියෙහි මූලික ලක්‍ෂණවලට සමගාමීවන අයුරෙන් ප‍්‍රථම ධාර්ම දේශනාව පිළිබඳ හා වෙනත් ධර්ම දේශනා පිළිබඳ මෙන්ම සංඝසමාජයෙහි සම්භවය පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි.

ලෝකෝත්තරවාදීන්ගේ විනය ග‍්‍රන්ථයක් ලෙස සැලකුවද එහි ශාසන ඉතිහාසගත තොරතුරු වාර්තා කරන නමුදු ශාසනයෙහි ප‍්‍රඥප්ති කරනු ලබන නියම විනය නීති පිළිබඳ සඳහන් වලින් හීන බව වින්ටර්නිට්ස් පෙන්වා දෙයි. තවද මහා වස්තුවෙහි අන්තර්ගතය පිළිබඳ වින්ටර්නිට්ස් දක්වනුයේ මෙවැනි අදහසකි. ලෝකෝත්තරවාදීන් සඳහා මහාවස්තුවෙන් ප‍්‍රධාන වශයෙන් බුදුන්වහන්සේගේ ජීවන කථාව ඉදිරිපත් වන බව අප කියන විට එයින් කිසියම් විධියකින් එම කෘතියෙහි අඩංගු දෑ පිළිබඳ හෝ එම ප‍්‍රජානත්වයෙහි අදහස පිළිබඳව හෝ සම්පූර්ණයෙන් නොකිය වේ. සාහිත්‍ය කලාවේ කොටසක් වීමෙන් දුරුවූවද මහාවස්තුව වංකගිරියක් වනුයේ යමෙකුට බුදුන්ගේ චරිතය සම්බන්ධ කථා පිළිවෙල මහත් වෙනසකින් සොයාගත යුතු බැවිනි. මෙම වෘත්තාන්තය නැවත නැවතත් අනිකුත් මාතෘකාවලින් බාධාවට ලක්වන අතර විශේෂයෙන් විශාල ජාතක අවදාන සහ දැඩි ආස්තවාදී සූත‍්‍ර ඒ අතරින් ප‍්‍රධානය. මෙහි පිළිලෙහි කිසියම් සිද්ධාන්තයක් අපට හඳුනාගත නොහැක. විවිධ කොටස් අතර ගිලිහුණු සබඳතාව ස්ථාපිත කිරීමට කිසියම් ප‍්‍රයත්නයක් දරා නොමැති බව අපි සොයා ගනිමු.

තව දුරටත් බුදුන් වහන්සේගේ ජීවිතයේ අතුරු කථාවක් හෝ ජාතක කථාවක් වුවද එකම කථාව දෙවරක් ඉදිරිපත් කරයි. පළමුව ගද්‍යයෙන්ද දෙවනුව අඩුව හෝ වැඩිව එමගින් පිට පනිමින් එය පද්‍යයෙන් ඉදිරිපත් වේ. විවිධ ස්ථානවලදී පව් එකම කථාව නැවත නැවත එමගින් සුළු වශයෙන් පිටපනිමින් එකකට පසු එකක් වශයෙන් පුනරාවර්ථනය වේ.

වින්ටර්නිට්ස් දක්වන ලද තොරතුරු වලට අනුකූලව බලන කල්හි මහාවස්තුව සම්බන්ධයෙන් බොහෝ කාරණා මේ තුළින් හෙළි පෙහෙළි කරගත හැකිය. එහි හුදෙක් බුද්ධ චරිතය පමණක්ම අන්තර්ගත ග‍්‍රන්ථයක් සේ සලකන්නේ නම් එය ග‍්‍රන්‍ථය පිළිබඳ සර්ව සාධාරණ නොවන බව වින්ටර්නිට්ස්ගේ මතයයි. බුද්ධ චරිතය පමණක් නොව එහි ජාතක කථා, අවදාන හා ආප්තවාදි සූත‍්‍රයන් ද අන්තර්ගෘහිත බව ඔහු තවදුරටත් පවසයි.

ග‍්‍රන්‍ථයෙහි රචනා ශෛලීය පිළිබඳවද වින්ටර්නිට්ස් අවධානය යොමු කර තිබේ. එහි උපයුක්ත ශෛලියෙහි විශේෂතා කීපයක් පහත පරිදි දක්වාලිය හැකිය.

  1. එකම කථාව දෙවරක් ඉදිරිපත් කිරීම.
  2. පළමුව ගද්‍යයෙන් හා දෙවනුව පද්‍යයෙන් ඉදිරිපත් කිරීම.

මෙකී හේතුන් නිසා බුද්ධ චරිතයෙහි සිදුවීම් වල හෝ ජාතක කථාවක ගලායෑම ඇහිරී ගොස් ඇත. සමස්තයක් වශයෙන් බලන කල්හි ග‍්‍රන්‍ථයෙහි ගද්‍ය හා පද්‍යයෙන් මිශ‍්‍ර භාෂා භාවිතයක් සිදු කර ඇති බව පැහැදිලිය.

මහා වස්තුවෙහි අන්තර්ගතය පොල්වත්තේ රාහුල තෙරුන් කාණ්ඩ හතරකට වග_කර දක්වා ඇත.

  1.  බුද්ධ කෘත්‍යයන් පිළිබඳ චාරිතාපදානමය සංග‍්‍රහාය. (Biographical accounts pertaiming to the Buddha’s (areer)
  2. බුදුන්ගේ පූව_ ආත්ම භාවයන් පිළිබඳ කථා සංග‍්‍රහාය හෙවත් ජාතක කථා (Stories relating to his former euistences)
  3. බුදුරදුන්ගේ ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ කථා සංග‍්‍රහාය හෙවත් අවදාන (Stories a beat his disciples and devoters)
  4. දේශනා හා විග‍්‍රහාත්මක සංග‍්‍රහාය හෙවත් සූත‍්‍ර හා ව්‍යාකරණ (Discourses and eupositions)[1]



  1. [1] A critical study of the Mahavastu. 07 pg 
පළමු කොටස නමස්කාර ගාථාවන්ගෙන් ආරම්භවන අතර නිදාන ගාථා, බෝධි සත්ව චර්යා (Having proctised the course of training leading to enlightenment)දශභූමි කථා (which has been elaborated in the book of fen stages)" බෝධිසත්ව චරිතය (Bodhisatva’s life) බුද්ධත්වය,(Enlighten ment)  ධම_චක‍්‍ර පූර්වතනය, ඡුක‍්‍රවස්තු  (deals with tha Budhdha’s visit of vaisali) යන කොටස් වලින් අන්තර්ගෘහිතය.

දෙවන කාණ්ඩයෙහි ජාතක කථා අන්තර්ගතය මෙහි මුළුමනින්ම ජාතක කථා හතළිහක් පමණ දැක ගත හැකිය. ඇතැම් ජාතක කථා පද්‍යයෙන් ද ඇතැම් ජාතක කථා ගලද්‍යයෙන් ද රචනා වී තිබේ. ග‍්‍රන්‍ථයෙහි ඉදිරිපත් කෙරෙන්නා වූ ජාතක කථා.

සමහරක් පාලි ජාතක කථා හා සමානවේ ඇතැම් කවි මුළුමනින්ම අලූතෙන් යොදන ලද කථාය. ජාතක කථාවන්ගේ තනුල්‍ය නිසා මෙය උරානක කථාවන්ගේ තෝෂ්ඨාගාරයක් සේද සැලකේ.

තෙවෙනි කොටසෙහි මහාකාෂ්‍යප ශාරිපුත‍්‍ර යන තෙරවරුන් පිළිබඳවද පෙර සිටි පූර්ණ නාල්ක සහිත යශෝද උපාලි සහ ශාඛ්‍යයන් පිළිබඳවද කාශ්‍යප තෙරුන්ගේ සහෝදරයන් තිදෙනා සම්බන්ධ තොරතුරු සඳහන්ය.

හතරවන කාණ්ඩයෙහි බුදුන් වහන්සේ දේශිත ධර්ම කොටස් හා ප‍්‍රඥාපති පනය කොටස් අන්තර් ගනය අනාත්මය සංකල්පය පිළිබඳ සඳහන් වන ධර්ම චක‍්‍ර පූවර්ථන සූත‍්‍රයද ඛංගවිසාන අවලෝකිත මහා ගෝවින්ද ආදි සූත‍්‍ර ධර්මයන් මෙහි බහා තිබේ මීට අමතරව මහායානික බෝධිසත්ව සංකල්පයට අදාලවන යම් යම් කොටස් මෙහි ඇතුලත් වේ. 

මහා වස්තුවේ අන්තර්ගතය පිළිබඳ සැලකිළිමත්වීමේදී ඒ සඳහා පුරාණ ග‍්‍රන්ථ වලද යම් යම් අභාෂය ලැබී ඇති බව පෙනේ. බුදුන් කෙරෙහි පවත්වනු ලබන මන්ත‍්‍රයක් සේ සැලකිය හැකි බුද්ධානුස්මෘතියක් මෙහි එයි එය පුරාණවරුන්ගේ විශ්ණු හො ශිව වෙනුවෙන් පවත්වනු ලබන ස්ත්‍රොතයන්ගෙන් වෙනස් නොවේ.

මහාවස්තුව මිශ‍්‍ර සංස්කෘත රචනා කරණ ලද ග‍්‍රන්තයක් සේ සැලකේ. එහෙයින් එහි රචනා කාලය ක‍්‍රි.පූ. දෙවන සියවසට අයත් කරයි. නමුදු එහි මහායාන අදහස් හා ගාන්ධාර කලා ශිල්පවල බලපෑමෙන් නිර්මිත කොටස්ද ඇත. ඒවා ක‍්‍රි.ව. පළමු හෝ දෙවන සියවස්වලට අයත් කරයි. එමෙන්ම චීන භාසාවන් එහි අක්‍ෂර පිළීබඳවත් නූන ජාතිකයන් හා ඔවුන්ගේ හෝරා පාඨකයන් පිළිබඳවත් සඳහන් වන තොරතුරුවලින් මහා වස්තුවේ සමහර කොටස් ක‍්‍රිස්තු වර්ෂයෙන් සතර වන සියවස පමණ කාලයකදී අන්තර්ගත කරන්නට ඇතැයි වියත්හූ නිර්ණය කරති. මේ අනුව මහා වස්තුව ක‍්‍රි.පූ. දෙවන සියවසේ ආරම්භ කොට ක‍්‍රි.ව. 4 වන සියවස තෙක් ක‍්‍රමිකව සැකසුන ග‍්‍රන්ථයක් සේ සැලකිය හැකිය. භාෂා ශෛලිය දෙපාද බලන කල්හි මෙකී නිර්මාණය තවදුරටත් පැහැදිලි කරගත හැකිය. මෙහි භාෂා ශෛලිය දෙස බලන කල්හි වඩා නූතන භාෂා ශෛලයක් මෙන්ම වඩාත් පුරාතන භාෂා ශෛලයක් දැක ගත හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ
[1] Mahavastu Avadana voi I (E.d) S. Bagchi The mithila istitud Darbhanga 1970. 2 pg
[1] ixialD; idys;H fiakdkdhl fÊ'ta'tia'ã' 222 msg
[1] ixialD; 03 msg
[1] A critical study of the mahawastu 01 pg
[1] bÿir 142 msg
[1] A critical study of the Mahavastu 02 pg
[1] A history of Indian literature 231 pg
[1] tu
[1] A history of Indian literature 232 - 233 pg
 [1] A critical study of the Mahavastu. 07 pg
[1] tu 07 - 08 msgq
[1] bÿir 144 msg
[1] A critical study of the Mahavastu. 10 pg
[1] bÿir 144 msg
[1] A history of Indian literature 235 

Saturday, May 9, 2020

සංස්කෘත බෞද්ධ සාහිත්‍ය


තථාගතප්පවේදිත ධර්ම විනය මූලාධාර කොටගත් බෞද්ධ සාහිත්‍ය වනාහි පාලි සංස්කෘත යන උභය භාෂාවෙන්ම සංරචිත විශාල ග‍්‍රන්ථයන්ගෙන් පරිමිත වූ විශාල සාහිත්‍යාංග පාලි භාෂාව විෂය කොට ගන්නා ලද ථෙරවාදීන් පාලි සාහිත්‍ය ජනනය කොට තිබේ. මේ හෙයින් එය ඔවුනට නිරායාශයෙන්ම උරුම වූවකි. බෞද්ධ සාහිත්‍ය වනාහි පාලි සාහිත්‍යයට පමණක් සීමා සහිත වූ කුඩා සාහිත්‍යක් නොවේ. ථේරවාදයෙන් විඞ්ජින්න වූ පාලි සාහිත්‍යයට වඩා විශාල වූ ග‍්‍රන්‍ථ රත්නයන්ගෙන් සංයුක්ත වූවකි. බෞද්ධ සාහිත්‍යයේ එයින් ග‍්‍රන්ථ කිහිපයක් ප‍්‍රාකෘත භාෂාවෙන් රචනා වී ඇති අතර විශාල ප‍්‍රමාණයක් සංස්කෘත බසින් විරවිතය. ශුද්ධ සංස්කෘතයෙන් හා බෞද්ධ සංස්කෘතයෙන් රචිත සියල්ල බෞද්ධ සංස්කෘත යන පොදු නාමයෙන් ව්‍යවහාර වේ. 

පාලි සාහිත්‍ය වනාහි, ආදිතම බෞද්ධ සාහිත්‍යයයි. එහි ඉතිහාසය බුදු සමයෙහි සමාරම්භය වෙත ඈතට දිව යයි. එනමුදු සංස්කෘත සාහිත්‍ය පාලි සාහිත්‍යය වඩා පසු කාලීනය. එහි සමාරම්භය දෙවන ධර්ම සංගායනාවත් සමඟ සිදුවන නිකාය භේදය තෙක් ඈතට දිවයයි. එය එසේ වතුදු තථාගත ධර්මය සංස්කෘත භාෂාගත කිරීමේ ප‍්‍රයත්නය බදුන් වහන්සේ ධර්මාන භික්‍ෂූන් දෙනමගේ පුවතින් සැලවේ. 

බ්‍රාහ්මණ කුලයෙන් සසුන්ගතවූ යමෙළු නෙකුල දෙනම බුදුන් වහන්සේට මෙසේ සැළකළහ. ”ස්වාමීනී දැන් නොයෙක් නම් ඇති නොයෙක් ගෝත‍්‍ර ඇති නොයෙක් ජාති ඇති නොයෙක් කුලවලින් පැවදි වූ ”ස්වකීය  නිරුත්තියෙන් (සකාය නිරුත්තියා* බුද්ධ වචනය දූෂණය කරති. ඒ නිසා ස්වාමීනී, අපි බුද්ධ වචනය ඡුන්දසට නගමු.

මොවුන් දෙදෙනාගේ එම අයැදුම ප‍්‍රතික්‍ෂේප කළ බුදුන් වහන්සේ සකාය නිරුත්තියෙන් බුද්ධ වචනය ප‍්‍රගුණ කරන්නට අවසර දී තිබේ. ”අනුජානාමි භික්‍ඛවේ සකාය විරුත්තියා බුද්ධ වදනා        ” මෙම සකාය නිරුත්තිය පිළිබඳවද නොයෙකුත් මතවාද ඉදිරිපත් වී තිබේ. එහිලා අටුවාචාර්්‍ය බුද්ධඝෝෂ තෙරුන්ගේ මතය වනුයේ සකාය නිරුත්තිය යනු මාගධ ව්‍යවහාරය හෙවත් මාගධි භාෂාව බවයි. ”එත්‍ථ සකාය නිරුත්ති නාම සම්මා සම්බුද්ධයෙන වුනෙතාපංකාරො මාගධකො නොහාරො” එනමුදු  ඕල්ඩර්න් බර්ග් රීස් ඬේවිඞ් ආදි විද්වත්තු සකාය නිරුත්ති යනු එකිනෙකා ව්‍යවහාර කළ තම තමන්ගේ භාෂාවන් (each in his awn dialect) බව අවධාරණය කළහ. තම තමන්ගේ බසින් තථාගත ධර්මය හැදෑරීමට බුදුන් වහන්සේ දී ඇති අවසරයෙන් සම්බුදු සසුනෙහි පැවිදි වූ බ‍්‍රාහ්මණ වංශික භික්‍ෂූහූ වෙළඳාම සංස්කෘත බසට නගන්නට ඇත. 

පාලි ත‍්‍රිපිටකය මෙන් සර්ව සම්පූර්ණ වූ සංස්කෘත භාෂාවෙන් රචිත ත‍්‍රිපිටකයක් දැකගත නොහැකි වුනද හීනයානික නිකායක් වූ මූලසර්වාස්තිවාදි නිකාය සන්තකව ත‍්‍රිපිටකයක් තිබූ බවට තොරතුරු සර්වාස්තිවාදි නිකාය පැතිර පැවති කාශ්මීර ගන්‍ධාර තිබෙටය මධ්‍යම ආසියාව චීනය යන ප‍්‍රදේශවලින් හමුවූ ග‍්‍රන්‍ථ කොටස්වලින් පැහැදිලි වේ. නැගෙනහිර තුර්කිස්ථානයෙහි ඉසිකුට්සරි නම් ප‍්‍රදේශයෙන් පළමුවෙන් ශේෂවූ ත‍්‍රිපිටක කොටස් සොයාගෙන තිබේ. මෙකී නෂ්ටාවශිෂ්ට තොරතුරු අනාවරණය කිරීමෙහිලා සර් අවුරල් ස්ටෙයින්, ඒ ඉලයින් වෙඩල්, ඒ ෂන් ලේ කොක්, පීපෙලියෝ ආදී ප‍්‍රාවීන විද්‍යාඥයින් මෙහෙයක් ඉටුකර තිබේ. මොවුන්ගේ ප‍්‍රයත්නයන්හි ප‍්‍රතිඵලයක් ලෙස උදාන වර්ග කොටස් හා ධර්ම පදය සොයා ගැනීමට හැකි වී තිබේ. තවද ඉන්දියාවේ ගොජාලිපූර් ප‍්‍රදේශයෙන්ද ක‍්‍රි.ව. 250 - 400 අයත් යැයි සැලකෙන සුත‍්‍ර ලියා ඇති ගඩොල් හමු වී තිබේ. 

සර්වාස්තිවාදීන්ගේ ත‍්‍රිපිටකය චීන හා ටිබෙට් යන භාෂා වලට පරිවර්තනය කර තිබේ. ක‍්‍රිෂ්තුවර්ෂ 224 දී පමණ වෛකීන් නැමැත්තෙකු ධම්මපදයද ගෞතම් සංඝදේව නැමැත්තෙකු හත්වැනි සියවසේදී මජ්ඣිම නිකායද, පස්වැනි සියවසේදී පාහියන් මහා පරිණිර්වාණ සූත‍්‍රයද චීන බසට පරිවර්තනය කරන ලදි. මීට අමතරව ක‍්‍රිස්තු වර්ෂ ප‍්‍රමාණයෙන් 700 - 712 අතර කාල වකවානුවක ඉන්දියාවට පැමිණි චීන ජාතික වන්දනා කරුවෙකු වූ ඉට්සීංද  මුලසර්වාස්තිවාදීන්ගේ ත‍්‍රිපිටකයට අදාළ ග‍්‍රන්ථ පරිවර්තනය කළ බව සඳහන් වේ. මෙලෙසින් සඳහන් වන්නාවූ තොරතුරුවලට අමතරව දිව්‍යාවදානය, ලලිත විස්තරය හා මහාවස්තු ආදී ග‍්‍රන්ථයන්හි එන්නාවූ තොරතුරු මගින්ද සර්වාසතිවාදීන්ගේ ත‍්‍රිපිටකය පිළිබඳ තොරතුරු සපයාගත හැකිය. මෙකී තොරතුරු වලට අනුව සංවාස්තිවාදීන්ගේ ත‍්‍රිපිටකයද සූත‍්‍ර විනය අභිධර්මය යන පිටකත‍්‍රයෙන් යුක්ත බව පැහැදිලි වතුදු එහි අන්තර්ගතය දෙස බැලීමේදී එය පාලි ත‍්‍රිපිටකය හා බොහෝ සෙයින් වෙනස් වන බව කුමාරජීව විසින් පරිවර්ථ බ‍්‍රහ්මජාල සූත‍්‍රය දෙස බලන කල්හි පැහැදිලි වේ. එය මහායාන මත අනව යමින් බෞද්ධ ප‍්‍රතිපත්ති විස්තර කරයි. අන්මෙන් කිං නම් වූ මෙය මහායානිකයන්ගේ නීති ග‍්‍රන්‍ථය සේ පිළිගැනේ. 
සර්වාස්තිවාදීන්ගේ ත‍්‍රිපිටකය මහායාන අදහස් වලින් තොරවන නමුත් පාලි ත‍්‍රිපිටකයෙහි නොදත හැකි තොරතුරු විශාල ප‍්‍රමාණයක් එහි අන්තර්ගතව ඇත. මේ පිළිබඳව වින්ටර්තිථිස සිල්වන ලේවි මැක්සටුලර් ආදී විචාරක අදහස් වනුයේ පාලි හා සකු දෙපිටකයම දැනට අවිද්‍යමාන යම් මාර්ගය ත‍්‍රිපිටකයක් මුලාධාර කොටගන රචනා කරන්නට ඇති බවයි. මෙලෙසින් සම්පාදිත පාලි ත‍්‍රිපිටකය එක් ප‍්‍රදේශකද සකුට නැගු ත‍්‍රපිටකය තවත් ප‍්‍රදේශයකද සංවර්ධනය වන්නට ඇති බව පන්ටර් නිව්ස්ගේ මතයයි.

සංස්කෘත බෞද්ධ සාහිත්‍ය රචනා කරන ලද භාෂාව බෞද්ධ සංස්කෘතිය වේ. එය මධ්‍යතන ඉන්දු ආර්්‍ය උපභාෂාවන්ගේ (පසාාකැ සපත්‍වග ්රහ්ප ාස්කැජඑි* ආභාෂයන්ගෙන් සකස් කරන ලද්දක් බව හඳුන්වාදෙන ලද අතර සෙනාට් මිශ‍්‍ර සංස්කෘත ලෙස හඳුන්වයි. මෙය ගාථා භාෂාව ලෙසද ව්‍යවහාරිතය. එය සම්භවය කවර කලෙක සිදුවීද යන්න නිශ්චිත තොරතුරක් නොමැති වූවත් එහි සංවර්ධනය අවස්ථා හතරක් යටතේ දැක්විය හැකිය.
01. මහා සංඝිකයන් විසින් භාවිත මිශ‍්‍ර සංස්කෘතය
02. මූලධර්වාස්තිවාදීන් විසින් භාවිත මිශ‍්‍ර සංස්කෘතය
03. සර්වාස්තිවාදීන් විසින්ම පශ්චාත්කාලීන ග‍්‍රන්ථ රචනා කිරීමට භාවිත මිශ‍්‍ර සංස්කෘතය
04. පසු කාලීනව දියුණුවූ මහායානික දාර්ශනික හා අනෙකුත් ග‍්‍රන්ථ රචනා කිරීමට භාවිත 
ශුද්ධ සංස්කෘතිය

Wednesday, May 6, 2020

ප්‍රත්‍යාර්ථ නාම

තද්ධිත නාම



ප්‍රත්‍යාර්ථ නාම
නාමයකින් හෝ ධාතුවකින් පරව ප්‍රත්‍ය එක්ව සැකසෙන ද්වීතීක නාම ප්‍රත්‍යාර්ථ නාම ලෙස හැදින්වේ. ඉන් නාමයකට පසුව ප්‍රත්‍ය එක් වීමෙන් සැකසෙන ප්‍රත්‍යාර්ථ නාම තද්ධිත නාම ලෙසද, ධාතුවකට පසුව ප්‍රත්‍ය එක් වීමෙන් සැකසෙන නාම කෘදන්ත නාම ලෙසද හැදින්වේ.
“දයින් නමින් හොත කරැ අරුතට නිසි පසන්
සපයා සදන් පසරුත් හිමි නොලැගැ ලොවැ වහරන්“     යනුවෙන් සිදත් සගරාව ප්‍රත්‍යාර්ථ නාම හදුන්වනු ලබයි.
තද්ධිත නාම
නාමයකින් පරව තද්ධිත ප්‍රත්‍යයක් එක්ව සැදෙන නාම තද්ධිත නාමයි.
උදා :
තොට + ඉ = තොටි (තොටෙහි නියුක්ත තැනැත්තා)
ඉහත තොට යන නාමයට පසුව ඉ යන තද්ධිත ප්‍රත්‍යය එක්ව තොටි යන තද්ධිත නාමය සැකසී ඇත. තොට යන්නෙන් තොටුපළ අදහස් කළද තද්ධිත ප්‍රත්‍යය එක් වීමෙන් සෑදෙන තොටි යන තද්ධිත නාමයෙන් අදහස් වන්නේ තොටුපළෙහි නියුක්ත තොටියා පිළිබදවයි. මෙලෙස මුල් අදහසට අමතරව සැකසෙන ද්වීතික නාමයන් තද්ධිත නාමයන් බවට පත් වේ. නාමයන්ට පසුව එක්වන තද්ධිත ප්‍රත්‍යය විවිධ අර්ථ ගනී. එම ප්‍රත්‍යයන්ගේ අර්ථයට අනූව සැකසෙන තද්ධිත නාමයේ අර්ථයද වෙනස් වේ.
තද්ධිත ප්‍රත්‍යය යෙදෙන විවිධ අර්ථ
භූතාර්ථය (එහි විය යන අර්ථය)
උදා :
  1. ගම් + ඉ = ගැමි (ගමෙහි වෙසෙන්නා)
  2. නුවර + උ = නුවරු (නුවරෙහි වූ)
  3. ලංකා + ඉක = ලාංකික (ලංකාවේ වූ)
  4. ඉන්දියා + නු = ඉන්දියානු (ඉන්දියාවේ වූ)
  5. කර්ණාට + ක = කර්ණාටක (කර්ණාට දේශයේ වූ)
නියුක්තාර්ථය (එහි යෙදුණේ යන අර්ථය)
උදා :
  1. අයකම් + ඉ = අයකැමි (අයකමෙහි නියුතු)
  2. ධර්ම + ඉක = ධාර්මික (ධර්මයෙහි නියුතු)
  3. අගාර + ඉක = අගාරික (අගාරයෙහි නියුතු)
අස්ත්‍යාර්ථය (ඇත යන අර්ථය)
උදා :
  1. රූ + මත් = රූමත් (රූ ඇති)
  2. පින් + වත් = පින්වත් (පින් ඇති)
  3. භාග්‍ය + වත් = භාග්‍යවත් (භාග්‍ය ඇති)
සම්බන්ධාර්ථය (එයට සම්බන්ධ යන අර්ථය)
උදා :
  1. කය + ඉක = කායික (කයට සම්බන්ධ)
  2. ශිල්ප + ඊය = ශිල්පීය ( ශිල්පය හා සම්බන්ධ)
විජානනාර්ථය (දනියි යන අර්ථය)
  1. නැකත් + ඉ = නැකති (නැකත් දන්නා)
  2. සිප් + ඉ = සිපි (ශිල්ප දන්නා)
අර්හාර්ථය (සුදුසු යන අර්ථය)
උදා :
  1. සබ + ඉ = සැබි (සභාවට සුදුසු)
එයින්ම තනන ලද අර්ථය
උදා :
  1. දැව + මුවා = දැවමුවා (දැවෙන් තැණුනු)
  2. සෙල් + මුවා = සෙල්මුවා (ගලින් කරන ලද)
අතිශයාර්ථය
උදා :
  1. පාප + තර = පාපතර (වඩා පව් කරන)
  2. පාප + තම = පාපතම (වඩා පාපී)
  3. පාප + ඉෂ්ඨ = පාපිෂ්ඨ (අතිශයින් පව් කරන)
අල්පාර්ථය (ස්වල්පයක් යන අර්ථය)
උදා :
  1. පැන් + ඉති = පැනිති (දිය පොද)
  2. කුටි + ර = කුටිර (කුඩා පැල)
  3. සුග + ඉති = සිගිති (ඉතා කුඩා)
ප්‍රදේශාර්ථය
උදා :
  1. ඉස් + අටි = ඉහටි (ඉස් පෙදෙස)
  2. ඉස් + අළ = ඉහළ (ඉහළ පෙදෙස)
  3. කර + අටි = කරටි (කර පෙදෙස)
ආකාරාර්ථය (මේ අයුරු යන අර්ථය)
උදා :
  1. දිගු + අටි = දිගටි (දිග ආකාර)
  2. වක් + අටු = වකුටු (වක් ආකාර)
භාවාර්ථය
උදා :
  1. පුරුෂ + ණ = පෞරුෂ (පුරුෂත්වය)
  2. ගරු + ණව = ගෞරව (ගරුත්වය)
  3. ලලිත + ණ්‍ය = ලාලිත්‍ය (ලලිත බව)
  4. දක්ෂ + තා = දක්ෂතා (දක්ෂ බව)
  5. සුහද + තා = සුහදතා (සුහද බව)
  6. මුදු + තා = මුදුතා (මුදු බව)
කාලාර්ථය
උදා :
  1. පුරා + තන = පුරාතන (පෙරකල)
  2. සදා + තන = සදාතන (හැමකල)
  3. නව + තන = නූතන (වත්මන්)
ස්වාර්ථය
උදා :
  1. වරල් + අස් = වරලස (වරලසෙහි)
  2. මුදුන් + අත් = මුදුනත් (මුදුනෙහි)
  3. නෙත් + උ = නෙතු (නෙතෙහි)
  4. සිසිල + අස් = සිසිලස්
ගෞරවාර්ථය
උදා :
  1. පිය + ආණ = පියාණ (ගරුකටයුතු පියා)
  2. පුත් + අණු =පුතණු (ගරුකටයුතු පුතා)
  3. මා + අණි = මෑණි (ගරුකටයුතු මව)

Tuesday, May 5, 2020

මූලනාම (නාම)


මූල නාම යනු සිද්ධ නාමයි. එනම් ශබ්ද ප්‍රකෘතියයි. නාමවල මුල් ස්වරූපය මේ ගණයට අයත් වේ. අනතුරුව සාදා ගන්නා සමාස නාම, තද්ධිත නාම හා කෘදන්ත නාම හැරුණු විට සෙසු නාම මූල නාමයි. ප්‍රථමයෙන් ම හටගත් නාම නිසා මේවා ප්‍රාථමික නාම යනුවෙන් ද හැඳින්වේ.

උදාහරණ - ගොන්, දෙන්, රුක්, මල් ආදියයි.

මූල නාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
01.කේවල නාම
02.සර්ව නාම

කේවල නාම -
 මිනිස්, දෙව්, රතු ආදිය උදාහරණයි. මේවා විශේෂ කොට යෙදිය හැකි අතර භින්න නාම යනුවෙන් ද හඳුන්වයි.

සර්ව නාම -
 නාමයක් වෙනුවට යෙදෙන නාම සර්ව නාමයි. අභින්න නාම යනුවෙන් ද මේවා හඳුන්වයි. එ,ත,ම ආදිය උදාහරණයි. මේවා පුරුෂත්‍රයෙහිම වරනැඟෙන අතර කේවල නාමයක් සූචනය කිරීම සඳහා බොහෝවිට යෙදේ.

නිදසුන් -
  1. ළමයා හඬයි. හේ නොනැවතී හඬයි.
  2. තෝ නොහඬවයි පියා කීය.
  3. මම හිස රුජාවෙන් පෙළෙමියි ඔහුට ළමයා කීය.
  4. සිංහල බෝධිවංශය සම්භාව්‍ය සිංහල ග්‍රන්ථයකි. එය ශ්‍රී මහා බෝධිය ගැන ලියැවුණකි.

සර්ව නාමවල ප්‍රභේද හතකි.
  1. පුරුෂ වාචක (පෞරුෂ) සර්ව නාම
  2. සූචක සර්ව නාම
  3. ප්‍රශ්න සර්ව නාම
  4. අනියම සර්ව නාම
  5. සම්බන්ධ සර්ව නාම
  6. සමුදාය සර්ව නාම
  7. අවධාරණ සර්ව නාම

පෞරුෂ සර්ව නාම
එ,ත,ම ආදි උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ හා ප්‍රථම පුරුෂ යන පුරුෂ භේදය පැවසෙන සර්ව නාමයි.

නිදසුන් -
එ - 
  1. පියදාස යයි. හේ පෙරළා එයි.
  2. උපුලා උගන්වයි. ඕ ගුරුවරියකි.

ත -  
  1. තෝ දාගැබ් මහබෝ පිළිම වඳනෙහි.
  2. කුමරිය තී කවරෙක් ද?

ම - 
  1. බමුණු කියයි, මම කුලවතෙක්මි.
  2. කුමරිය කියයි. මම කැත දුවක්මු.

මෙහි හේ, ඕ, එය, තෝ, තී, මම යනු සර්ව නාම පදයි. ඒවා එ, , ම යන සර්ව නාමවලින් සෑදී ඇත.

සූචක සර්ව නාම
අර,තෙල,මේ ආදි දුර සූචනය හා සමීප සූචනය සඳහා යෙදෙන සර්ව නාම සූචක සර්ව නාමයි.

නිදසුන් -
සමීප සූචනය
මේ මිනිසෙකි.
මෝ වනිතාවකි.
මූ සිව්පාවෙකි.

දුර සූචනය
අර මිනිසෙකි.
අර වනිතාවකි.
තෙල දිස්වන්නේ සමන්ගිරයි.

ප්‍රශ්න සර්ව නාම
කෙ,කුම්,කවර,කො ආදි ප්‍රශ්න කරණයට යෙදෙන සර්ව නාම ප්‍රශ්න සර්ව නාමයි.

නිදසුන් -
කෙ - කෙසේ සැනසෙම් ද?
කුම් - කුමක් සිදුවේ ද?
කවර - කවරෙක් එයි ද?
කො - කො තැන ද මේ කය අරගෙන යන්නේ?

අනියම සර්ව නාම
අනියමාර්ථයක් පැවසෙන සර්ව නාම අනියම සර්ව නාමයි. ඇතැම්, කිසි, අය, ආදියයි.

නිදසුන් -
ඇතැම් - ඇතැමෙක් එති. ඇතැම්හු යති.
අය - අයෙක් නටති.
කිසි- කිසිවෙක් නිදති.

සම්බන්ධක සර්ව නාම
විශේෂ සම්බන්ධයක් දක්වන්නේ සම්බන්ධ සර්ව නාමයි.

නිදසුන් -
යම් -
  1. ඉගෙනුම ලබන්නේ යමෙක් ද හේ හික්මෙයි.
  2. හික්මෙන්නේ යමෙක් ද හේ සුදුස්සෙක් වෙයි.
  3. යම් සුදුස්සෙක් වේ ද හේ ධනය ලබයි.

සමුදාය සර්වනාම
සව්,සැම,සියලු ආදි සමූහයක් දැක්වීමට යෙදෙනුයේ සමුදාය සර්ව නාමයි.

නිදසුන් -
සුර පුරය සව් සිරියෙන් පිරෙයි.
සව් සත කෙළ පැමිණි රහල් හිමි.
සියල් ලෝ වියතුන්ට සිළුමිණිය.
බුදුරදුන්ගේ හැම ගුණ කියත් නොපිළිවන.

අවධාරණ සර්ව නාම
අවධාරණාර්ථයක් පවසන්නේ අවධාරණ සර්ව නාම යි.

නිදසුන් -
 කුසල් තෙම බිඳෙයි.

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...